BADULU TAM LIPIYA

බදුලු ටැම් ලිපිය- හැඳින්වීම

 

සෙනරත් පර‍ණවිතාන මහජන පුස්තකාලයේ දක්නට ලැබෙන වටිනා වස්තුවක් වන්නේ ක්‍රි.ව.10 වන සියවසට අයත් බදුලු ටැම් ලිපිය පිහිටා තිබීමය. මෙම බදුලු ටැම් ලිපිය පුස්තකාලයේ මැද මිදුලේ පිහිටුවා ඇත.එය දැනට ලංකාවේ ඇති උසින් වැඩිම සෙල්ලිපිය වේ. මේ නිසා පුස්තකාලයේ ඓතිහාසික වටිනාකම තවත් වැඩි වී ඇත.


රාජ්‍ය කාලය- හතරවන උදය රජු

කාලය- ක්‍රි.ව.10 වන සියවස

අක්ෂර - මධ්‍යකාලීන සිංහල

භාෂාව- මධ්‍යකාලීන සිංහල


අන්තර්ගත කරුණු -

මෙම සෙල්ලිපිය මහියංගන සොරබොර වැව ආසන්නයෙන් 1854 දී ජෝන් බේලි විසින් සොයා ගන්නා ලද්දකි. හෝපිටිගම තුලදී හා එම වෙළඳ පොළේදී අනුගමනය කල යුතු චාරිත්‍රවිධි මෙහි සඳහන් වේ. හතරවන උදය රජු තම දෙවන රාජ්‍ය වර්ෂයේදී නිකිණි මස අව පක්ෂයේදී (ජූලි- අගෝස්තු) පස්වන දින මියුගුණ විහාරයට (මහියංගන විහාරයට) පැමිණ තිබේ.එහිදී පිය රජුගේ රාජ්‍ය කාලයේදී වෙළඳපොල තුල ක්‍රියාත්මක කිරීම සඳහා පනවන ලද නීති රීති රාජ්‍ය නිලධාරීන් විසින් උල්ලංඝනය කරන බවට හෝපිටිගම ගම්වාසීන් හා වෙළඳපොල වෙළඳුන් විසින් පෙත්සමක් රජුට ඉදිරිපත් කර ඇත. ඒ අනුව රජු තම පිය රජුගේ 17 වන රාජ්‍ය වර්ෂයේදී හෝපිටිගම හා එම වෙළඳපොල තුල ක්‍රියාත්මක වූ නීතිරීති උල්ලංඝනය නොකොට කටයුතු කරන ලෙසත් ඊට අදාළ මෙහි සඳහන් සමාජ කොටස් (රාජ්‍ය නිලධාරීන්,වෙළදුන්, ගම්ප්‍රධානීන්,ගම්වාසීන්) අනුගමනය කල යුතු ක්‍රමවේදයනුත් ඇතුලත් කොට මෙම ශිලා ලේඛනය කරවූ බව සඳහන් වේ.


බලන්න -      බදුලු ටැම් ලිපිය : දසවන සියවස නැවත කියවීම

තෙන්නකෝන්, උදය ආර්.

කඩුවෙල: නදීප්‍රකාශන, 

2005Description: පි.124: සෙ.මි.24.ISBN: 9558647195.

Subject(s): ඉතිහාසය - ශ්‍රී ලංකාව

DDC classification: 954.9301OPAC 

C:\Users\Administrator\Desktop\main counter\Desktop\5 S Photo\37024797_1335861449879469_8953613065207676928_n.jpg




C:\Users\Administrator\Desktop\image0195-305x444.jpg




C:\Users\Administrator\Desktop\image0797-1.jpg









C:\Users\Administrator\Desktop\maxresdefault.jpg

C:\Users\Administrator\Desktop\download (6).jpg










Comments

Post a Comment